කිසිවකුගේ අවධානයට යොමු නොවු මිහින්තලේ අනුලාතිස්ස ස්තූප ය කැණීම් සිදු කර සංරක්ෂණ කටයුුතු ආරම්භ කළ බවබුද්ධශාසන ,ආගමික හා සංස්කෘතික කටයුුත ඇමති විදුර වික්‍රමනායක මහතා පවසයි
මෙහි කැණීම් සිදු කොට සංරක්ෂණය කිරීිමේදී බොහෝ දෙනකුගේද අවධානයට යොමුවී තිබිණ. පසුගිය 23 දා ඓතිහාසික පුජා භූමියේ ආරම්භක කරනලද කෑණීන් තුළින් ඓතිහාසික පුරා වස්තූන් රැසක් හමුවිය. මේ වනවිට ඓතිහාසික පුජා භුමියේ කැණීම් අවසන් අදියරේ පවතින අතර එහිදී පලිගු කරඩුවක කොටස්ද, ශිලා මංජුසාවක්ද,විවිධ ප්‍රමාණයේ විවිධ වර්ණයෙන් යුතු විවිධ හැඩයෙන් යුතු පබුළු වර්ගද හමුවි තිබේ.
මීට අමතරව අනවසර කැණීම් කරුවන් හාර විනාස කර තිබි ගර්භ කුටිය තුලින් මටි මංජුසා හමුවු අතර එම බදුන්වල ලෝහමය ආභරණ,පබුළු වර්ග ,පුලුස්සන ලද අස්ති කැබලි (රහතන්වහන්සේලාගේ භෂ්මාව ශේෂ)යන ඓතිහාසික වස්තූන්ද හමුවු බව විදුර වික්‍රමනායක මහතා පැවසුවේය