Spread the love

ඉඩමක හිමිකම නොමැති පුද්ගලයන් සදහා ඉඩම් හිමිකම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහන මේවන විට ක්‍රියාත්මක බව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව පවසයි. ” ඔප්පුව ගෙදරටම” ජාතික වැඩසටහන ලෙස එය නම්කර තිබේ.

මේවන විට වැඩසටහන  දීප ව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක වෙයි. ඉඩමක හිමිකම නොමැති ජනතාවට තම බිම් කොටසේ අයිතිය නීත්‍යනුකුලව පැවරීම මෙහි අරමුණ වී ඇතිබව සදහන් කරයි.

තම නිවසටම පැමිණ අදාල ඔප්පුව භාරදිම මෙම වැඩසටහනේ විශේෂත්වයකි.අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන ආරම්භ කෙරිණී.

මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක රැසක ඉඩම් අයිතිය පිළීබඳ ගැටලු වලට මුහුණ දි සිටි දහසකට අධික පිරිසකගේ ඉඩම් අයිතිය තහවුරු කරමින් ඔප්පු පිරිනමා ඇතිබව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම වැඩිදුරටත් පවසයි.