ඔමික්‍රොන් වෛරසයට පිළියම බුස්ටර් එන්නත..

Spread the love

ශ්‍රී ලංකාවේ ඔමික්‍රොන් වෛරසය පැතිර යන වේගය බටහිර හා දකුණු අප්‍රිකාවේ තත්ත්වයට සමාන වේගයක් පෙන්නුම් කරණ බව ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

මේ වන විටත් ශ්‍රී ලංකාව ඔමික්‍රොන් ආසාදන රැල්ලක් අබියස සිටින බව සදහන් කරයි.කෝවිඩ් වෛරසය පැතිර යාම සම්බන්ධයෙන් මෙරට සිදුකරන අනුක්‍රමික පරීක්ෂන සංඛ්‍යාව සීමිත බව පවසයි.එහෙත් ආසාදිතයින් 47 දෙනකෙකු හඳුනා පසුගියදා හදුනා ගැනීම බරපතළ තත්ත්වයක් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සදහන් කරයි.

මේ අතර වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ මහතා සදහන් කර සිටියේ ඔමික්‍රෝන් වෛරසය මෙරට තුළ ව්‍යාප්ත වෙමින් පවතින බව පැවසීය.

මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා බූස්ටර් එන්නත ලබා ගැනීම අනිවාර්යය බව පැවසීය.නිවැරදි සෞඛ්‍ය උපදෙස් අඛණ්ඩව පිළි පැදිම ඉතා වැදගත් බව ද වැඩිදුරටත් පැවසීය.