Spread the love

ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ තවත්  පුද්ගලයින් 75 දෙනෙකු මෙරටින් හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය. 

සිදුකළ ජාන විශ්ලේෂණයකදී කොරෝනා ආසාදිතයින් 78 කින් ලබාගත් සාම්පල් 75 ක් ඔමික්‍රොන් ආසාදිතයින් බවට හඳුනාගත් බවද පැවසීය.

පසුගිය 15 වනදා ද ඔමික්‍රොන් ආසාදිතයින් 160 දෙනෙකු හඳුනා ගත් අතර ඒ අනුව මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 283ක් දක්වා ඉහළ ගොස් ඇතිබව සෞඛ්‍ය අංශ පවසයි.