Spread the love

ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදයේ ව්‍යාප්තිය හඳුනා ගැනීම සදහා පරීක්ෂණයක්හෙට (28) ආරම්භ කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

ඒ සදහා දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් සාම්පල් 96 ලබාගත් බව පැවසීය.කොරෝනා වෛරසයේ වෙනස් වීම් සිදුව ඇද්ද යන්න මෙම පරීක්ෂණයේ තවත් අරමුණක් බව වැඩිදුරටත් පැවසීය.