Spread the love

ඕමානයේ සෝහාර් නිදහස් කලාපය තුළ වෛද්‍ය අත්වැසුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරිම කෙරෙහි අවධානය යොමුව ඇතිබව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ඒ සදහා ලලන් රබර්ස් ආයතනයේ නියෝජිතයන් සහ එරට ශ්‍රි ලංකා තානාපති අමිර් අජ්වාඩ් මහතා ආයෝජන කලාපයේ බලධාරින් වෙත අදාල යෝජනාව ඉදිරිපත් කර තිබේ.එම යෝජනාවට අනුව කර්මාන්ත ශාලාවට අවශ්‍ය භුමිය සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු කරගෙන තිබේ.

මිට අමතරව මෙම කර්මාන්ත ශාලාව මගින් අගය එකතු කරන ලද සායනික අත්වැසුම් නිෂ්පාදනය කිරිමට ද සැලසුම් කර ඇතිබව එම අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි.