Spread the love

අත්‍යාවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සදහා ඩොලර් මිලියන 400ක විදෙස් ආධාර මේවන විට ලැබි ඇතිබව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා පැවසීය.

ලෝක බැංකුව ,ආසියානු සංවර්ධන බැංකුව හා තවත් රටවලින් මෙලෙස විදෙස් ආධාර ලැබි තිබේ.

ඒ අනුව ඉදිරියේදී බාධාවකින් තොරව රෝහල් වලට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට කටයුතු කරන බව ලේකම්වරයා පැවසීය.

ඊට අවශ්‍ය වැඩපිළිවෙළ මේවන විට සකස් කර ඇතිබව වැඩිදුරටත් එහිදී පැවසීය.