Spread the love

ඉන්දීය ණය පහසුකම් යටතේ පෞද්ගලික ඖෂධ ආනයනකරුවන්ට ද ඖෂධ ආනයනයට පහසුකම් සැපයීමට පියවර ගෙන ඇතිබව ඖෂධ නිෂ්පාදන ,සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්  වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය.

ඒ සදහා ඖෂධ ආනයන කරුවන් ලියාපදිංචි කිරීම ආරම්භ කර තිබේ.එම ණය පහසුකම් යටතේ රජයේ රෝහල් වෙත ඖෂධ ආනයනයට පියවර ගෙන ඇතිබව ලේකම්වරයා පැවසීය.

මෙරටට අවශ්‍ය ඖෂධ වලින් 85%ක් ඉන්දියාවෙන් ආනයනය කරනු ලබයි.ඩොලර් හිඟය හේතුවෙන් ඖෂධ හිඟයක් ඇතිවිම වැළැක්වීම සදහා මෙම පියවර ගත් බව වැඩිදුරටත් පැවසීය.