ඔහු මෝගන් ෆ්රීමන් සමඟ පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ සමාරම්භක අවස්ථාව narrate කරන්න එක් වුනු කෙනා.
ඔහුට වයස 15යි. ගානිම්ගේ ශරීරයේ උඩ කොටස විතරයි තියෙන්නේ . එහෙම බැලුවොත් විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක්. හැබැයි ඔහු ගැන හොයලා බැලුවම තමයි තේරෙන්නේ ඔහු ලෝකයට විශේෂයෙන් අවශ්‍ය කෙනෙක් කියලා .
ගානිම් කටාරයේ ජනප්‍රිය you tuber කෙනෙක්. ඔහුට ඉන්නවා instagram followers ලා මිලියනයකට වඩා.
ගානිම් තමයි කටාර් වල ලාබාලම ව්‍යවසායකයා. “ගාරිස්සා”ඒ තමයි ඔහුගේ අයිස් ක්‍රීම් ව්‍යාපාරයේ නම. සේවකයන් 60 ක් විතර එහි සේවය කරනවා. ශාඛා 6ක් තියෙනවා . මුලු මැද පෙරදිග පුරාම “ගාරිස්සා” අයිස් ක්‍රීම් ව්‍යාප්ත කරන්නයි ගානිම්ගේ අදහස.
කවදම හරි පැරාලිම්පික් යන්නත් ගානිම් දැන් ඉඳලම සූදානම් වෙනවා. ඔහු swimming , scuba diving , football , hiking , skateboarding ක්‍රීඩාවල නිරත වෙනවා.
මේ වෙද්දිත් ගානිම් gulf වල උසම කන්ද තරණය කරලා ඉන්නේ. එවරස්ට් තරණය ඔහුගේ අරමුණක්.
දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන් උපාධියක් අරගන්නත් ගානිම් අල් මුෆ්තාහ් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ කවදාහරි කටාරයේ අගමැති වෙන්න ඕන නිසා.