Spread the love

කඩුවෙල මහ නගර සභාවේ අද පැවත්වීමට නියමිත 59 වන මහා සභා සැසිය තුළින් නගරාධිපතිවරයා හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ගේ සංවර්ධන යෝජනා 105 ක් සඳහා රුපියල් මිලියන 1050 කට ආසන්න මුදලක් යෝජනා අනුමත කර ගැනීමට කටයුතු කරගෙන යයි.

මෙය අනුමත කර භාවිතා කිරීම මැතිවරණ පනත උල්ලංඝණය කිරීම පමණක් නොව ජනතාවට අල්ලසක් දීමක් බවත් මෙය වහාම වැළැක්වීමට කටයුතු කරන මෙන් ඉදිරිපත් කරන පෙත්සමක් ඊයේ (31) දින රාජගිරියේ මැතිවරණ කාර්යාලයේ දී මැතිවරණ කොමිසම වෙත භාර දුන්නේය.

කඩුවෙන හිටපු නගරාධිපති ජි.එච්. බුද්ධදාසල, කඩුවෙල නාගරික මන්ත්‍රී බෝසෙත් කළහේපතිරණ, නීතිඥ ටියුඩර් පෙරේරා යන මහත්වරුන් මේ සඳහා එක් විය.