Spread the love

ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පැවති තරඟයෙන් කඩුලු 5 ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කළ අතර පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 121 ක් ලබා ගැනීමට සමත් විය

. පන්දුවට පහරදීමේදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් Babar Azam ලකුණු 30 ක්, Fakhar Zaman හා Iftikhar Ahmed ලකුණු 13 ක්, Mohammad Rizwan ලකුණු 14 ක් ලබාගත් අතර පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිදු හසරංග කඩුලු 3 ක් හා මහීෂ් තීක්ෂණ හා ප්‍රමෝද් මදුෂාන් කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 17 වන පන්දුවාරයේදී කඩුලු 5 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත්විය. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක නොදැවී ලකුණු 55 භානුක රාජපක්ෂ ලකුණු 24 ක්, දසුන් ශානක ලකුණු 21 ලබා ගත්හ‍