Spread the love

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති අද තරගයෙන් ශ්‍රී ලංකාවට පහසු ජයක් අත්කර ගැනීමට සමත්විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර එහිදී

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 173 ක් ලබා ගැනීමට සමත් විය‍.

පන්දුවට පහරදීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Rohit Sharma ලකුණු 72 ක්, Suryakumar Yadav ලකුණු 34 ක්, Hardik Pandya හා Rishabh Pant ලකුණු 17 ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිල්ෂාන් මදුෂංක කඩුලු 3 ක්, දසුන් ශානක හා චාමික කරුණාරත්න කඩුලු 2 ක බැඟින් ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වු අතර පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 57 ක්, පැතුම් නිස්සංක ලකුණු 52 ක්, නායක දසුන් ශානක ලකුණු 33 ක් හා භානුක රාජපක්ෂ ලකුණු 25 ක් ලබා ගැනීමට සමත් විය.