Spread the love

රටතුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් දින ගණනාවක් කොළඹ වරායේ සිරවී තිබූ අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් තොගයෙන් කොටසක් මේවන විට නිදහස් කරගත් බව අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඉදිරි දින කිහිපයේදි ඉතිරි කන්ටේනර් ද වරායෙන් නිදහස් කර ගැනීමට හැකි වනු ඇතිබව සදහන් කරයි.ඒ අනුව මේවනවිට කොළඹ වරායේ සිරවී තිබූ අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 300 පමණ වරායෙන් නිදහස් කර ගෙන ඇතිබව එම සංගමය සදහන් කරයි.

ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් මේවන විට කොළඹ වරායේ අත්‍යාවශ්‍ය භාණ්ඩ අඩංගු කන්ටේනර් 1000 පමණ සිරවී ඇති බව අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සදහන් කරයි.