Spread the love

අත්‍යාවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර් 500 ආසන්න සංඛ්‍යාවක් නිදහස් කර ගැනීමට නොහැකිව කොළඹ වරායේ සිරවී ඇතිබව අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා පැවසීය.

එම ආහාර ද්‍රව්‍ය විවෘත ගිණුම් හරහා ආනයනය කිරීම ඊට හේතුවී තිබේ.විවෘත ගිණුම් හරහා ආනයන කිරීම රජය මේවන විට තහනම් කර තිබේ.

එම කන්ටේනර් තුළ ලුණු ,අල, සුදු ලූණු,පරිප්පු ,හාල් මැස්සන් සහ කරවල ඇතිබවද පැවසීය.එම ආහාර ද්‍රව්‍ය නිදහස් කර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා ඇතිබව පැවසීය.

ඉදිරියේදී ආණ්ඩුව ඒ සදහා පියවර ගනු ඇතැයි විශ්වාස කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.මේ අතර ඩොලර් නොමැති වීම හේතුවෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 400 පමණ වරායේ සිරවී ඇතිබව වැඩිදුරටත් පැවසීය.