මෙරටට පැමිණෙන සියලු සංචාරකයින් රැදී සිටින්නේ සෞඛ්‍යය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ යැයි අවධාරණය කරන සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් හා ඉන්දියන් සංචාරකයින් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය කරන චෝදනා පදනම් විරහිත බව පවසයි.
මෙරටට පැමිණෙන සංචාරකයින් කටුනායක ගුවන්තොටුපොළේ දී සංචාරක මණ්ඩලයේ ඒජන්තවරුන් රැගෙන යන බවටත් ,පී.සී.ආර් පරීක්ෂණ හෝ නිරෝධායන කටයුතු අධීක්ෂණය කවුරුන් කරන්නේ දැයි පැහැදිලි නොමැති බවටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කර ඇති ප්‍රකාශයකට පිළිතුරු දක්වමින් සංචාරක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශ අනුව මෙරට සංචාරක කර්මාන්තය යළි ආරම්භ වූ අතර ඉන්දියන් සංචාරකයින් මෙරටට පැමිනීම සම්බන්ධයෙන් මුල් කාලයේදී සීමා පනවා තිබිණි. පසුව එම සීමා ඉවත් කළේ ද සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුවයි.
ඉන්දීය සංචාරකයින් පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇත්ද යන්න සම්බන්ධයෙන් වීසා ලබා ගැනීමට පෙර සිටම පරීක්ෂාවට ලක්වන බව පෙන්වා දෙන අමාත්‍යවරයා,පූර්ණ එන්නත්කරණයට ලක් නොවු ඉන්දීය සන්චාරකයන්ට වීසා ලබා නොදෙන බවද ඇමතිවරයා කියයි. එන්නත ලබා සිටියද සංචාරකයින් මෙරටට පැමිණීමට පෙර පී.සී.ආර් පරීක්ෂණයක් මගින් කොවිඩ් වැලදී නොමැති බව තහවුරු විය යුතුය. එසේම මෙරටට පැමිණි වහාම සිදුකරන පී.සී.ආර් පරීක්ෂණය මඟින් ද එය නැවත තහවුරු කරගනු ලැබේ.
