Spread the love

කිලිනොච්චි ප්‍රදේශයේ මිරිදිය මත්ස්‍ය කරවල නිෂ්පාදනය ජීවන උපාය මාර්ගය කරගත් කාන්තාවන්ව දිරිගැන්වීමේ අරමුණින් කරවල ඇසුරුම් කිරීමේ යන්ත්‍රයක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ලබාදෙයි.

එම යන්ත්‍රයේ වටිනාකම රුපියල් 150000කි. එම ප්‍රදේශයේ කාන්තාවන් ඇමතිවරයාගෙන් කළ ඉල්ලීමටකට අනුව මෙම යන්ත්‍රය ලබාදීමට පියවර ගැනිණි.

මේ අතර කිලිනොච්චි ඉරණමඩු ප්‍රදේශයේ පිහිටුවා ඇති ශ්‍රී ලංකා ජාතික ජලජ සම්පත් සංවර්ධන අධිකාරියට අයත් ජලජීවි වගා සංවර්ධන මධ්‍යස්ථානයෙහි නිරීක්ෂණ සංචාරය කළ අමාත්‍යවරයා එම මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වය පිළිබදව සොයා බැලු අතර මිරිදිය පැළෑටි වගාව හා මිරිදිය මත්ස්‍ය අභිජණන මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වය පිළිබදවත්, වහාම දියත් කළ යුතු ව්‍යාපෘති පිළිබදවත් අදාළ නිලධාරීන් දැණුවත් කළහ.