Spread the love


සපුගස්කන්ද ප්ලාස්ටික් කර්මාන්තශාලාවක අද දහවල්ගි 1130 පමණ හටගත් ගින්නක් පැය 5 කට පසු මීට සුළු මෙහොතකට පෙර ගින්න මුළු මනින්ම නිවා දැමීමට කොළඹ ගිනි නිවන සේවා දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් සමත්වී ඇත.

ගින්න දැණුම් දී විනාඩි 25 ක් වැනි කෙටි කාලයක් තුළ ගිනි රථ හයක් එම ස්ථානයට ගිය අතර ජල බවුසර් 10ක් යොදා ගනිමින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

නො.426 සමාද්ධි මාවත සපුගස්කන්ද පිහිටි ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවේ ස්ටෝරුවක හටගත් ගින්න දැඩි පරිශ්‍රමයක් යොදා අද සවස 4.22 පමණ මුළු මනින්ම ගින්න නිවා දැමීමට කටයුතු කළ බවද කොළඹ ගිනි නිවන සේවා දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් පැවසුවේය.