සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ පැවැත්වෙන පළමු 20-20 තරඟයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.
ඒ අනුව තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 5 ක් පමණක් දැවී ලකුණු 196ක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් චරිත් අසලංක හයේ පහර හයක් සමගින් ලකුණු 67 ක් හා කලකට පසු ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූ කුසල් ජනිත් පෙරේරා වේගවත් ලකුණු 53 ක් ලබා ගත්තේය.
ඔවුන් දෙදෙනා අතර 4 වන කඩුල්ල සඳහා ගොඩනැගුනු ලකුණු 103ක සම්බන්ධතාවක් වටා ශ‍්‍රී ලංකා ඉනිම ගොඩ නැගිණි.