Spread the love

උද්ඝෝෂණ අතරතුර ප්‍රචණ්ඩකාරී සහ කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින් වීඩියෝ සාක්ෂි මත අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.

ඊයේ ( 4) දිනයේ විවිධ ප්‍රදේශවල පැවති මහජන විරෝධතාවල ගිනි තැබීම්, අයුතු ඇතුළුවීම් හා අනර්ථය සිදු කිරීම වැනි ක්‍රියාවල නිරතවූ පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් තවත් පිරිසක් වීඩියෝ සාක්ෂි මඟින් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලීසිය සඳහන් කරිය.