Spread the love

කොළඹ නුගේගොඩ මිරිහාන පැඟිරිවත්ත පාර ප‍්‍රදේශය අවහිර කරමින් ඊයේ (31)රාත්‍රියේ සිටඅද (01)අලුයම දක්වා කලහකාරී ලෙස හැසිරුණු 54 දෙනෙකු මේවන විට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස මේ වන විට මිරිහාන පොලීසියේ රඳවා සිටියි.එම සැකකරුවන් අද ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

ජුබිලි කණුව හා මිරිහාන ප‍්‍රදේශ වල පැවති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් බස් රථ දෙකක් ජිප් රථයක් තී‍්‍රරෝද රථයක් හා යතුරුපැදියකට අලාභහානි සිදුව තිබේ.

කලහකාරී පිරිස් විසින් එම රථ වලට ගිනි තබා ඇති බව පොලිසිය සදහන් කරයි.ජල හා කඳුළු ගෑස් ප‍්‍රහාරක රථ වලටද විරෝධතාකරුවන් අලාභ හානි සිදු කර ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සදහන් කරයි.