Spread the love



මේ වසරේ අප්‍රියෙල් මස 01 වැනිදා සිට අප්‍රියෙල් මස 30 වැනිදා දක්වා කල් ඉකුත්ව රියදුරු බලපත් සදහා කල් ඉකුත්වන දිනයේ සිට මාස 6 ක් කාලයක් දීර්ඝ කිරීම සදහා සහන කාලයක් ලබාදී ඇතැයිද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකෝන් මහතා පවසයි.


මී ට අමතරව ජුලි මස 01 වැනිදා සිට සැප්තැම්බර් මස 30 වැනි දින දක්වා කල් ඉකුත්වන රියදුරු බලපත්‍ර සදහා කල් ඉකුත් වන දිනයේ සිට මාස 3 ක කාලයක් දීර්ඝ කිරීමට සහන කාලයක් ලබා දීමට තීරණ කර ඇත.


මෙම තීරණයන් ගෙන ඇත්තේ රටේ පවතින විදේශ විනිමය හිගය හේතුවෙන් රියදුරු බලපත්‍ර මුද්‍රණයට යොදා ගන්නා කාඩ්පත් හිගය කටද ,වත්මන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව මුහුණ දි තිබේන බැවිණි. එම නිසා තාවකාලික පිළියමක් ලෙස රියදුරු බලපත්‍ර කාඩ්පත වෙනුවට වසරක් සදහා තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට තීරණය කර තිබේ.
තාවකාලින රියදුරු බලපත්‍රය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව පරිගණක යෙදුමක් ලෙස නිකුත් කරන අතර වසරක වලංගු කාලයක් සහිතව තැපැල් මගින් බලපත්‍රලාභියාගේ නිවසටම ලබාදෙනු ඇත. ඉදිරියේදී අදාල කාඩ් පත් මුද්‍රණය කර ඉල්ලුම් කරුගේ නිවසටම රියදුරු බලපත්‍රය ලැබීමට සලස්වන බවද සුමිත් අලහකෝන් මහතා වැඩි දුරටත් පැවසුවේය.