Spread the love


බෞද්ධ සිද්ධස්ථානවල නිර්මාණ කළුගලින් නෙළුවද තාක්ෂණයේ දියුණුවත් සමගින් අදවනවි ට ගෘහ උපකරණ නිර්මාණය කිරීමද ආරම්භ කර ඇතැයි ස්ටාර් ග්‍රැනයිට් ආයතනයේ නිර්මාතෘ එච්.සී.එල් වික්‍රමසිංහ මහතා පවසයි.


වික්‍රමසිංහ මහතා එසේ පැවසුවේ නාරම්මල පිහිටි ඒ මහතාගේ කර්මාන්තශාලාව නිරීක්ෂණය කිරීම සදහා එහි ගිය අවස්ථාවේදීය


මන්ද ඉතා නිහතමානි පුද්ගලයකු වන වික්‍රමසිංහ මහතා තම කර්මාන්තය මෙන්ම සේවකයින් පිළිබදවද දැඩි විශ්වාසයක් තබා ගෙන තමන්ගේම දැණුමින් යන්ත්‍ර සුත්‍ර නිෂ්පාදනය කොට ඒ අනුසාරයෙන් කළුගලින් නිර්මාණ කිරීම අප කාගේත් කුතු හලය දනවන්නක් විය.

වීඩියෝව නරඹන්න subscribe කරන්න


කළු ගලක්වන් යෝද සවිය ඇති පුරුෂයක් සිය කළුගල් කර්මාන්නය ඇරඹුවක් වෙඩරු පිඩන් වන් සිතන් ඹහු සතුව තිබීම කාහටන් පුදුම දනවන්නකි.
මෙහිදී අදහස් දැක්වු වික්‍රමසිංහ මහතා , කුට්ටි කළුගල් වශයෙන් චිනය ඉන්දියාව වැනි රටවලට කළුගල් අරගෙන යාමෙන් ඉදිරියේදී දේශිය කර්මාන්ත වලට ගැටලුවක් ඇතිවනු නොඅනුමානය .එබැවින් හොද කළුගල් කුට්ටි වශයෙන් ගෙන පාරවල් හදන්න ,මුහුද ගොඩ කරන්න කඩලා දාන එක ජාතිික අපරාධයක් .රජය හෝ භූවිද්‍යා දෙපාර්මේන්තුව වැනි රජයේ ආයතන මැදිහත්වී මේවාට සීමාවන් පැනවුව හොත් ඉදිරියේදී අනාගත පරපුරට අමුද්‍රව්‍ය පිලිබදව අගහිගතාවයක් ඇති නොවන බවද පැවසුවේය.

මිනුවන්ගොඩ මධ්‍ය මහා විදාලයෙන් අධ්‍යාපන හැදෑරු වික්‍රමසිංහ මහතා කාර්මික විද්‍යාලයට නැඹුරු වී එහි අධ්‍යාපනයෙන් පසු විදේශ ශිෂ්‍යත්ව කිහිපයක් ලබා රජයේ රැකියාවක් කරන ගමන් තමන්ගේම රැකියාවක් ආරම්භ කිරීමට පෙළඹී තිබුනා. එම සිතුවිල්ලත් සමගින් තවත් අයකු සමගින් පොඩි වැඩපලක් මිනුවන්ගොඩ නගරයේ .ආසන්න යේ පටන් ගෙන තිබුණා.හුගක් පරික්ෂණ මට්ටමේ වැඩ කටයුතු කල ඒ මහතා එක්දාස් නමසිය හැත්තෑ ගනන්වල එවකට ආනයන සීමාවන් පැනවී තිබුණත් එය ආශිීර්වාදයක් කරගෙන දේශීය භාණ්ඩ නිෂ්පාදනය කර වෙලද පලට දැමුවහොත් එහි ප්‍රමිතිය අනුව අලෙවි කරන්න හැකි බවට වටහා ගෙන තිබුණා.ඒ අනුව මෝටර් සයිකල් අමතර කොටස් වලින් තම කර්මාන්තය පටන් ගත්තද එවකට භාණ්ඩ ආනයනයයේදී සීමාවන් පනවා තිබුණා.


අසුව දශකයේ විවෘත ආර්ථිකයත් සමගින් දේශීය භාණ්ඩ අලෙවියට ලොකු ගැටලුවක් වුනා . එවකට රජයේ නීති වලට අනුව අමුද්‍රව්‍ය ගෙනඑමේදි හා අලෙවියේදී බදු ගෙවන්න වී තිබු නිසා ලංකාවේ තිබෙන හොද කළුගල් විදේශීය රටවලට කුට්ටි වශයෙන් අරන් යනවා ඉතාලිය ජර්මනිය ගෙනිහින් නිමි භාණ්ඩ වශයෙන් ලංකාවට අපනයනය කරනවා. සුපෝගභෝගී භාණඩයක් හැටියට ටයිල් වලට හොද වෙළද පලක් ඇති වී තිබුණා. එවැනි යුගයක අමුද්‍රව්‍ය අපට ඇති බැවින් ඉතා කුඩාවට කළුගල් කර්මාන්ත ශාලාව හදා ගෙන කටයුතු කළා .

කාර්මික විද්‍යා ලයේ අධ්‍යාපනයෙන් හොද දැනුමක් ලබා ගත් අතර භූවිද්‍යා හා ලෝහ විද්‍යාව පිලිබද උපාධි කිහිපයක් ලබා ගැනීම තුළින් මෙම කර්මාන්තය දියුණු කර ගන්න ඉවහල් වී තිබුණා. ටිකින් ටික භාණ්ඩ වර්ධනයත් සමගින් තමන් ලැබු කාර්මික අධ්‍යාපනයත් සමගින් මේ කර්මාන්ත්නයට අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර නිෂ්පාදනය කරන්න හැකිවී තිබුණා. ඉන්අනතුරුව වෙළද පලට වගකීමක් ඇතිව ටයිල් නිෂ්පාදනය ආරම්භ කර එතනින් නොනැවතී .ඉන් අනතුරුව රජකාලේ තිබු අවුරුදු දාස් ගණනකට ඉහත තිබු පැරණි නිර්මාණ හදනන්යොමුවුනා. බොහෝ දෙනෙකු බැහැ කීවත් තමන් නිර්මාණ කලාවත් සමගින් ආගමික පුජණීය ස්ථානවලට බුදු පිළිම ,සදකඩ පහන් ,මුරගල් වැනි දුර්ලභ ඝනයේ දේවල් හදන්න පටන් ගත්තා.


මුලින් ජනතාව අතරේ ජනප්‍රියතාවකයක් නොතිබුනත් කළුගලින් හැදුවොත් අවුරුදු දාස් ගානක් පවතින බවට තම නිෂ්පාදන ජනතාව අතර ප්‍රචලිත වුනා .පසුව මා කළු ගලින් ටයිල් වැනි දෑ නිෂ්පාදනයට යොමුවුනා.
ජයශ්‍රීමහා බෝධිය ,කැළණිය පන්සල ඇතුළු විහාරස්ථානය ද ,ජනාධිපති මැදුර ,රණවිරු ස්මාරකයද නිර්මාණය කලා එවැනි යුගයක දිර්ග පැවැත්මක් තිබෙන නිර්මාණ පිටරට සමාගම් සමගින් තරග කාරීමිලකට මෙහෙ නිර්මාන කරන්නද පෙළබුණා.

කළුගල් පිළිබද විෂය පුරුදු අය නොසිටියත් අපිම පුරුදු වී තම නිෂ්පාදන සකස් කොට මේ වනවිට ඉතාලිය ,ජර්මනිය ,එංගලන්තය ,ඹ්ස්ට්‍රේලියාව ,අමෙරිකාව වැනි රටවල් අටකට යවනවා. භාණ්ඩවල මිල සාධාරණ නිසා අඩු ආදායම් ලබන පන්සලකට වුවද පුන්කලසක් ,මල් ආසනයක් ලබා ගන්න පුලුවන්.ගෙවල් වලට පැන්ට්‍රි ,බිත්තිවලට අල්ලන සැඩින් කළුගල් ,කබඩ් පුටු සැටි යන ගෘහ උපකරණ ද නිෂ්පාදනය කරන්නත් මේ වනවිට පටන්ගෙන තිබෙනවා. තම කර්මාන්තයෙන් ඉදිරියෙන්, ඉදිරියට යන්න පටන් ගෙන ඇතත් ඕනෑම අයෙකුට ඉතා සාධාරණ මිලකට තම නව නිෂ්පාදන මිලදී ගැනීමට හැකිවන අයුරින් නිෂ්පාදන කර තිබෙන බවද වික්‍රමසිංහ මහතා පැවසුවේය.


අවසාන වශයෙන් ඒ මහතා උපදේශකයින්ගෙන් යැපෙන් නැතිව මේ කර්මාන්තනය කරගෙන යතත් මේ සම්බන්ධව ප්‍රවීනයන් ඉන්නවානම් ඒ අයගේ දැණුම තාක්ෂණය ලබා ගන්නත් තමන් සුදානම් බවද වැඩි දුරටත් පැවසුවේය.

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පලකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න