Spread the love

රජයේ රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන වල කළු කොඩි ප්‍රදර්ශනය කිරීම තහනම් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත්තේ කළු කොඩි ප්‍රදර්ශනය කිරීමෙන් රෝගීන්ගේ හා කාර්යමණ්ඩලයේ මානසික තත්ත්වය අයහපත් වනු ඇති බවයි.
රට තුළ පවතින ආර්ථික තත්ත්වය මත රෝගීන්ට ප්‍රතිකාර කිරීම හා ජීවිතය බේරා ගැනීමේ ක්‍රියාවලියට ඇතැම් වෘත්තීය ක්‍රියාමාර්ග බාධා වන බව නිරීක්ෂණය වී ඇති බවද අමාත්‍යාංශය පෙන්වාදෙයි.

කෙසේ වෙතත් රජය විසින් ගන්න ලද මෙම පියවරට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටී.