Spread the love

පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් මේවන කළු ගඟ සහ අත්තනගලු ඔයේ ජලමට්ටම අවධානම් තත්වයට ළඟා වී ඇතිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී.සුගීශ්වර මහතා පැවසීය.

ඒ අනුව කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් අවදානම් තත්වයට පත්ව තිබේ.

අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් අවදානම් තත්වයට පත්ව ඇතිබව ඉංජිනේරුවරයා පැවසීය.

එම ප්‍රදේශ වලින් එම ජලාශ වල ජලමට්ටම තවදුරටත් ඉහළ යමින් තිබේ.

අනෙකුත් ගංගා සහ ජලාශ වල ජලමට්ටම් සාමාන්‍ය තත්වයෙන් පවතින බව එහිදී පැවසීය.

මේ අතර අද (14) පෙරවරු 08.30 අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය මතුගම ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

එම අගය මිලිමීටර් 264කි.

එම කාලය තුළ වෝගන් වතුයාය ප්‍රදේශයට මිලිමීටර් 212.5 සහ හංවැල්ල ප්‍රදේශයට මිලිමීටර් 175.9 වර්ෂාපතනයක් ලැබි තිබේ.

එම කාලය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මිලිමිටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබි ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.