අනුරාධපුර යොවුන් සේනාංකය නිරීක්ෂණයට ගිය ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතාට සේනාංක භූමියට ඇතුල් විමට නොහැකි තත්ත්වයක් උදාවී තිබිණ. මන්ද අදාල භූමියේ ඇතුල්වන ස්ථානයේ ගේට්ටු ඉබි යතුරු දමා තිබිම නිසායි.
තරුණ පරපුර බලගැන්වීම උදෙසා තාරුණ්‍යයේ වෘත්තීය අධ්‍යාපනය නගා සිටුවීම සඳහා රාජ්‍ය සම්පත් උපරිම ඵලදායිතාවයකින් යුතුව ප්‍රයෝජන ගැනීමට දින 07 ම වෘත්තීය අධ්‍යාපනය ලබා දෙන ආයතන විවෘතව තැබිය යුතුවෙයි. එවැනි පසුබිමක එය නිරීක්ෂණය කිරීමට ගිය ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එලියට වී සිටිම කවුරුත් මවිතයට පත්වන කරුණක් විය. මන්ද මෙම ස්ථානය භාර නිලධාරීයා මෙය දිනපතාම විවෘත තැබිය යුතු වුවන් ඹවුන් නිසියාකාර රාජකාරිය ඉටු නොකිරීම හේතුවනේ ඉදිරියේදි අදාල නිලධාරීයා පිළිබද වහාම පරික්ෂණයක් පැවැත්විමටද නියමිතය.
වීඩියෝව නරඹන්න subscribe කරන්න