ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයේ තවත් උණුසුම් තරගයක් ජපානය සහ ක්‍රොඒෂියා කණ්ඩායම් අතර පැවැත්විණි.
එම තරගයෙන් තියුණු ජයක් ලබාගැනීමට ක්‍රොඒෂියා කණ්ඩායම සමත්විය.
එහිදී තරගයේ 43වන මිනිත්තුවේදී ජපානයට ගෝලයක් වාර්තා කිරීමට Daizen Maeda සමත්විය.
කෙසේ වෙතත් පරාජය පහසුවෙන් භාරගැනීමට අකමැති වූ ක්‍රොඒෂියා කණ්ඩායමද සිය පළමු ගෝලය තරගයේ 55 වන මිනිත්තුවේදී වාර්තා කළේය.
එය Ivan Perišićගේ නම ඉදිරියේ ලියැවිණි.
ඒ අනුව තරගයේ නියමිත කාලය අවසානයේ දෙපිළම එක් ගෝලය බැගින් වාර්තා කර තිබූ බැවින් අතිරේක කාලයක් ලබා දීමට තීරණය කෙරුණි.
මෙම කාලය තුළදී ද කිසිදු කණ්ඩායමක් ගෝල වාර්තා කිරීමට සමත් වූයේ නැත .
ඒ අනුව තරගයේ ජය පැරදුම තීරණය කෙරුණේ දඬුවම් පහර මඟිනි.
මෙහිදී දඬුවම් පහර තුනක් සාර්ථක කරගත් ක්‍රොඒෂියා කණ්ඩායම මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.