Spread the love

දුම්රිිය රියදුරු සහායකුගේ වැඩ තහනමට ලක්කිරීම හේතුවෙන්දුම්රිය රිය සහායකයින් ක්ෂණිකව වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.

්‍

දුම්රිය රියදුරු සහයකවරුන්ගේ ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් දුම්රිය කිහිපයක් මේ වන විට අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව ඇත.

මෙසේ වැඩ තහනට ලක්වී ඇතතේ අද උදැසන බෙලිඅත්ත සිට පැමිණී රුහුණු කුමාරී සීඝ්‍රගාමී දුම්රිය ධාවනය අවසන් කොට නැවත දුම්රිය අංගනය වෙත ගමන් කිරීමේ දී අංගනයෙන් ඉවතට ධාවනය වී අසල තිබූ දුම්රිය රියදුරුකුගේ නිල නිවසයකට හානී සිදුව ඇති හෙයිණි.

. එම අවස්ථාවේ එම දුම්රිය අංගනය වෙත ධාවනය කල දුම්රිය රියදුරු සහයකගේ වැඩ තහනම් කිරීමට දුම්රිය පාලනාධිකාරිය කටයුතු කොට ඇතැයිද කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය..

.