Spread the love

මිරිගම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු දුම්රියේ ගමන්ගත් කාන්තාවක් ලිංගික හිංසනයට ලක්කළ සැකකරුවකු මරදාන දුම්රිය ආරක්ෂක නිලධාරින් ඊයේ (22) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය වි ඇත්කේ මේ අයුරිණි, මීරිගම සිට කොළඹ කොටුව බලා ධාවනවු දුම්රියේ ගමන්කළ කාන්තාවට ලිංගික හිංසනයකට ලක් කරන විට දුම්රියේ සිට දුම්රියේ සිටි මගියකු එයට විරුද්ධ ප්‍රකාශ කොට තිබේ. එහිදී උරණ වු සැකකරු අදලා මගියාට මරදාන දුම්රිය ස්ථානයේදී පහරදී තිබේ. මුහුණ දැඩි සේ තුවාල වී සම්පුර්ණයෙන් ම විකෘතිව වන ලෙසම පහරදි තිබේ . මෙසේ පහර කෑමට ලක්වී ඇත්තේ ඉන්දියන් ජාතිකයකු බව මරදාන දුම්රිය ආරක්ෂක සේවයේ කාර්යභාර නිලධාරී ප්‍රදීප් ජයතිලක මහතා පවසයි.

දැඩි ලෙස තුවාල වු ඉන්දියන් ජාතිකයා 1990 ගිලන් රථ සේවය ගෙන්වා ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහල වෙත යවා තිබේ.

මේ අවස්ථාවේ අදාල සැකකරු පලා යද්දි මරදාන දුම්රිය ආරක්ෂ නිලධාරීන් මගිින්ගේ හා සේවකයින් ගේ සහාය ඇතිව පසුපස හබා ගොස් දැඩි පරිශ්‍රමයක් යොදා අත්අඩංගුවට ගෙන ඇත.

රාගම ප්‍රදේශයේ පංදිචි සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ පවැත්වීම සදහා මරදාන පොලිසියට දුන් බවද ප්‍රදිප් ජයතිලක මහතා පැවසුවේය.

ඩියෝව නරඹන්නsubscribe කරන්න