Spread the love


කාන්තාවන් පමණක් මෙහෙයවූ ශ්‍රීලංකන් ගුවන් යානයෙන් Raid Amazones 2022 ක්‍රීඩිකාවන් පැරිසියේ සිට දිවයිනට

ශ්‍රීලංකන් ගුවන් සමාගම ‘Raid Amazones 2022’ තරඟාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩිකාවන්ගෙන් සැදුම් ලත් පළමු කණ්ඩායම පැරිසියේ සිට අද උදෑසන (14) දිවයිනට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ජ්‍යේෂ්ඨතම ගුවන් නියමුවරියක් වන චාමිකා රූපසිංහ සහ ගුවන් මැදිරි කළමණාකාර අංජු ජයසිංහ ප්‍රමුඛ කාන්තා කාර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවන ලද UL 564 දරණ ගුවන් යානයෙන් පැමිණීම විශේෂත්වයකි.
ශ්‍රීලංකන් ගුවන් සේවය මෙම ක්‍රීඩිකාවන් මහත් හරසරින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී පිළිගන්නා ලදී. අදියර දෙකක් යටතේ මෙම තරඟාවලිය පැවැත්වීමට නියමිතය.


අතර එහි පළමු තරඟය 2022 මාර්තු මස 13 සිට 23 දක්වා පැවැත්වීමට නියමිතයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකන් ගුවන් සේවය යනු කාන්තාවන් සවිබල ගැන්වීම සහ සමාන අවස්ථා ලබාදීම වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් බවයි. “අපගේ කාන්තා නිළධාරීන් විසින් ලඟාකරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව අපි ආඩම්බර වනවා. ඔවුන් සැම විටම ජාතික ගුවන් සේවයට සහයෝගය ලබා දෙනවා. Raid Amazones 2022 සමඟින් කාන්තාවන්ගේ ශක්තිය සහ ඔරොත්තු දීමේ හැකියාව සැමරීමට අපි බලාසිටිනවා. එමගින් තවත් බොහෝ දෙනෙකුට මෙම මාවත අනුගමනය කිරීමට සහ ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ වික්‍රමාන්විත ක්‍රීඩා සිදුකිරීමට පෙළඹෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
Raid Amazones යනු ප්‍රංශ සංචාරක වෙළඳපොලේ වඩාත්ම ඉල්ලූමක් සහිත ත්‍රාසජනක ක්‍රීඩා වලින් එකක් වන අතර එය සෑම වසරකම සුවිශේෂී සංචාරක ගමනාන්තයක පවත්වනු ලැබේ.
මෙම වාර්ෂික ක්‍රීඩා ඉසව්වේ 20 වෙනි තරඟාවලිය මෙවර ප්‍රංශ ක්‍රීඩිකාවන් 550 කට අධික සංඛ්‍යාවක් සහභාගීත්වයෙන් සීගිරිය බලකොටුව ආශ්‍රිත ප්‍රදේශවල පැවැත්වීමට නියමිතයි.
මෙම තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ගෝලීය මාධ්‍ය වටිනාකම යුරෝ මිලියන 15 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාව ත්‍රාසජනක ක්‍රීඩා පැවැත්වීම සහ ක්‍රීඩා සංචාරක ගමනාන්තයක් ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත් කිරීමේ අරමුණින් ශ්‍රීලංකන් ගුවන් සේවය ‘Raid Amazones 2022’ ඒ වෙනුවෙන් සිය ගුවන් යානයක් හැඩගැන්වීමට පසුගියදා කටයුතු කරන ලදී.