Spread the love


ඩුබායි සිට මෙරටට පැමිණි කාන්තාවකගේ සිරුරේ සගවා තිබු රුපියල් මිලියන 11 ක් වටිනා රන්ආභරණ තොගයක් ගුවන් තොටුපල රේගු නිළධාරීන් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් රන් අභරණ තොගයේ ග්‍රෑම් 650 ක් වටිණා ස්වරණාභරණ තොගයක් සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක(නීති )සුදත්ත සිල්වා මහතා පවසයි.


අදාල කාන්තාව අද පෙරවරුවේ යු.එල්. 226 දරණ ගුවන් යානයෙන් පැමිණි අතර ඇයගේ ගමන් විලාසය පිළිබද සැකසිති පරික්ෂා කිරිමේදී සිරුරේ ඇදුම් අස්සේ සගවා ගෙන තිබු ස්වර්ණාභරණ තොගය සොයා ගැනීමට රේගු නිලධාරීන් සමත්වි ඇත.
අත්අඩංගුවට ගත් කාන්තාවට දඩ නියම කිරීමට හෝ ස්වර්ණාභරණ තොගය රාජසන්තක කිරීම පිළිබදව රේගු නිලධාරීන් මේ වනවිටත් වැඩි දුර පරික්ණ පවත්වයි.