Spread the love

මැදපෙරදිග රටවල් සමග වෙළඳ සබදතා පැවැත්වූ දියුණු වාණිජ වරායක් ලෙස මඩකළපුව කායන්කරණි පැරණි වරාය ක්‍රියාත්මක වී ඇතිබව පුරා විද්‍යා කැණීමකින් හෙළිදරව් වී ඇතිබව    මධ්‍යම සාස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පැවසීය.

ක්‍රිස්තු වර්ෂ 03 සියවසේ සිට මෙම වරාය දියුණු වරායක් ලෙස ක්‍රියාත්මක වී තිබේ.මෙම වරාය නගර පරිශ්‍රයේ මේ දිනවල පුරා විද්‍යා සමීක්ෂණ කැණීමක් සිදුවන බව පැවසීය.

එම කැණීමෙදී චීන,ඉන්දීය,පර්සියානු සහ රෝම මැටි බදුන් රැසක් හමුවී ඇතිබව පැවසීය.ඊට අමතරව අග්නි දිග ආසියාතික රටවල් වන තායිලන්තය ,බුරුමය ඇතුළු රටවල් කිහිපයක මැටි බදුන් කැබලි සොයා ගෙන තිබේ.

කැණීම් වලදී වීදුරු නිර්මාණ කිහිපයක නටබුන් සොයා ගෙන තිබේ.මීට අමතරව යකඩ නිර්මාණ කිහිපයක නටඹුන් හමුව ඇතිබව පැවසීය.යකඩ නිස්සාරණය කිරීම පිළිබඳ තොරතුරු රැසක් කැණීම් වලදී හමුව ඇතිබව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.