දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ය හේතුවෙන් දිස්ත්‍රික්ක 05ක් සදහා නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් අධ්‍යන අංශයේ ජේෂ්ඨ භූ විද්‍යාඥා ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසීය.
ඒ අනුව ගාල්ල ,කළුතර ,මහනුවර ,කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සදහා එම නිවේදන නිකුත් කර තිබේ.එම නිවේදන හෙට (02)පස්වරු 06.00 දක්වා බලාත්මක බව පැවසීය.
ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ,ඇල්පිටිය ,නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහාත් කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර ,බුලත්සිංහල ,අගලවත්ත ,දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහාත් මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවා හැට,දොලුව,ගගවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහාත් කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ,දැරණියගල ,රුවන්වැල්ල ,දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහාත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ,අයගම,රත්නපුර හා ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇතුළු තදාසන්න ප්‍රදේශ සදහා නාය යෑමේ අනතුරු ඇඟවීම් සිදුකර ඇතිබව පැවසීය.
පවතින වැසි සහිත තත්වය තවදුරටත් පවතීනම් නාය යෑමේ අවධානම් ප්‍රදේශ බවට හඳුනා ගෙන ඇති ස්ථාන වල සහ කදු බෑවුම් ආශ්‍රිතව ජීවත් වන ජනතාව නාය යෑම්,ගල් පෙරලීම්,බෑවුම් කඩා වැටීම්,පස් කන්ඩි කඩා වැටීම් සහ පොළව ගිලා බැසීම් පිළිබඳව දැඩි අවධානයෙන් සිටිය යුතුබව පැවසීය.
ඇතිවන ඉරි තැලීම්,පැළුම්,ගිලා බැසීම්,ක්‍රමයෙන් ඇලවී ගෙන යන ගස්,විදුලි කණු,වැටවල්,දුරකථන කණු,එකවර ජල උල්පත් මතු වීම,ජල උල්පත් අවහිර වීම,ජල උල්පත් බොර වීම නිවාස වල සහ ගොඩනැගිලි වල බිත්ති ඉරි තැලීම හා පුපුරා යාම වැනි නාය යෑම් ලක්ෂණ ඇතිවන්නේනම් කඩිනමින් ආරක්ෂිත ස්ථානයකට ගමන් කිරීම ඉතා වැදගත් බව වැඩිදුරටත් ජේෂ්ඨ භූ විද්‍යාඥා ආචාර්ය වසන්ත සේනාධීර මහතා වැඩිදුරටත් පැවසීය.
