Spread the love

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන විස්සයි 20 තරගය පූනේහිදී අද (05) පැවැත්වෙයි.

එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දියා කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදීමටය.

තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ මුබ්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති පළමු 20-20 තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු දෙකක තියුණු ජයක් හිමි කරගත්තේය.

ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ 1ට බින්දුවක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ සත්කාරක ඉන්දියාවය.

මෙම තරගාවලියේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ශ්‍රී ලංකා පිල අද පැවැත්වෙන තරගය අනිවාර්යයෙන් ජයගත යුතුය.

මෙම තරගාවලියේ සියලු තරග ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් අවකාශයේ විකාශය කිරීමේ අයිතිය දෙරණ මාධ්‍ය ජාලයට හිමිවී තිබේ.

ඒ අනුව තරගාවලියේ සියලු තරග දිවයිනේ ඕනෑම තැනක සිටින ඔබට දෙරණ මාධ්‍ය ජාලයේ නවතම හඳුන්වාදීම වන dflix OTT යෙදවුම ඔස්සේ සජීවිව නොමිලේ නැරඹීමට ඔබට හැකිය.

ඔබගේ ජංගම දුරකතනය ඇන්ඩ්‍රොයිඩ් මාදිලියේ ජංගම දුරකතනයක් නම් Google Play store වෙත පිවිසීමෙන්ද, ඔබේ ජංගම දුරකතනය ඇපල් මාදිලියේ ජංගම දුරකතනයක් නම් Apple Apps store වෙත පිවිසීමෙන්ද dflix ජංගම දුරකතන යෙදවුම ඔබගේ ජංගම දුරකතනයට බාගත කරගත හැකිය.

එමෙන්ම www.dflix.com වෙබ් අඩවියට පිවිසිමෙන්ද මෙම සියලු තරග සජීවිව නොමිලේ නැරඹිමේ හැකියාව ඔබට උදාවී තිබේ.