Spread the love

නිමල් රාජපක්ෂ

සතිඅන්ත නිවාඩුව මගී ජනතාවට ඉතා සුවපහසුව ගත කිරීමේ අරමුණින් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා” කැන්ඩි ඹඩිසි ”නමින් වායු සමනය කළ විශේෂිත දුම්රියයක් ඊයේ (01)ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් දුම්රිය දෙපර්තුමේන්තුව ධාවනයට එක් කළහ‍.
මෙම දුම්රිය සති අන්තයේ හා නිවාඩු දිනවල ධාවනය කෙරේ.මංගල ගමන ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 06.30 ට ගමන් අරඹන අවස්ථාවට මාධ්‍ය වේදීන් රැසක් සහභාගිවුහ. මංගල ගමනට මාධ්‍යවේදීන්ද සහභාගිවුහ.

විඩියෝව නරඹන්න subscribe කරන්න

දුම්රියේ ගමන් ගත් මගීන් රජයට මෙවන් දුම්රියයක් ධාවනයට එක් කිරීම පිළිබදවද ප්‍රශංසා කළහ. .තවත් මගිීන් පිරිසක් දුම්රියේ වැසිකිලි පද්ධතියේ විශාල වශයෙන් තිබෙන අඩුපාඩු හා අපිරිසිදු කම පැහැදිළි කළේය. ඒ පිළිබදව බලධාරීන්ගේ අවධානයට යොමු විය යුතුය.
දුම්රිය මහනුවර බලා ධාවනය කිරිමේදී බලන ඉහළකෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ සිංහ කට නැරඹිමටද අමතක නොකලේය. සිංහයකුගේ ආකාරයට කළු කළක් විද එය යටින් දුම්රිය ධාවනය කරන ස්ථානය ඉතා ආකර්ශනීය දසුනකි.

එම ස්ථානයට නුදුරින් උදුවන් කන්ද නැරඹිමට අවස්ථාව උදාවනු නොඅනුමානයි. මහනුවර දුම්රිය ස්ථානයට ළගාවු මාධ්‍ය කණ්ඩායම දළදා සමිදුන් වැද පුදා ගැනීමට අමතක නොකළේය.

එනැනනින් නොනැවතුණ මාධ්‍ය කණ්ඩායම පේරාදෙණිය උද්භිත උද්‍යානයටද ගියේය .

ඒ මන්ද එයට වසර 200 ක් සපුරාලීමට සමගාමීව එහි විශේෂත්වය පිළිබද අදහස් හුවමාරු කර ගැනීම සදහායි.

එහිදී ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ෂෙලෝමි ක්‍රිෂ්ණරාජා මහත්මිය මෙහි වටිනාක ම විදහා දැක්වුහ.


කැන්ඩි ඹඩිසි දුම්රියේ රියදුරු ලෙස භාරත ජංසිංහ මහතා සේවය කළ අතර මෙවන් දුම්රිය ක් දැමීමෙන් මගී ජනතාවට විශාල සේවයක් වන බවද පැවසුවේය.


දුම්රියේ ප්‍රධාන නියාමක කේ. ඩබ්ලිව් ධම්මික මහතා කැන්ඩි ඹඩිසි දුම්රියේ සිය වගකීම නොපිරිහෙලා ඉටුකළහ.
නමුත් මේ වනවිට මගීන් විශාල පිරිසක්දුම්රියේ ගමන් කිරීමට පැමිණියත් එසේ පැමිණෙන ”මගීන්ගේ හැදියාව තිබිය යුතු බවද” පැවසුවේය . දුම්රියේ ගමන් ගන්නා මගී ජනතාවගේ ආරක්ෂාව රියදුරු, රිය සහායක ,ප්‍රධාන නියාමක හා උප නියාමක යන නිලධාරීන් ඉතා ඹ්නෑ කමින් සපයන අතර තුර ශ්‍රී රාජ් මාධ්‍ය ආයතනය වෙත මෙවන් අදහස් දැක්වුහ.