Spread the love

කැපකරු ක‍්‍රමයට වගාවන් සඳහා ගොවි බිම් ලබාදීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.කේ. මායාදුන්නේ මහතා පැවසීය.
මේ පිළිබඳ ඉදිරි සතියේදී අදාළ අංශ දැනුවත් කිරීමට කටයුතු කරන බව පැවසීය.
රාජ්‍ය පරිපාලන සහ කෘෂිකර්ම අමාත්‍යාංශය ඒකාබද්ධව “එක්ව වවමු – රට දිනවමු” ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහන මේවන විට ආරම්භ කර තිබේ.
ව්‍යාපෘතිය යටතේ ඒ ඒ ප‍්‍රදේශ වල වගා කිරීමට සුදුසු භෝග හඳුනාගැනීමේ වැඩපිළිවෙලක් මේවන විට ආරම්භ කර ඇතිබව වැඩිදුරටත් ලේකම්වරයා පැවසීය.