Spread the love

ඊයේ පැවැති විශේෂ කැබිනට් සාකච්ඡාව අවසානයේ දී සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

මෙම කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඉදිරිපත්වූ සමූහ ඉල්ලා අස්වීමේ ලේඛනයට අත්සන් තැබීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එකඟ නොවූ බවටයි වාර්තාවුයේ .

කෙසේවෙතත් දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව සියලු අමාත්‍යවරුන්ගේ එකගතාවයෙන් සමස්ත කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙනවා.