Spread the love

ඉදිරියේදී කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කෙරෙනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමෙන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

ප්‍රශ්නය – “අමාත්‍ය මණ්ඩලයේ සංශෝධනයක් කිරීමේ සූදානමක් තිබෙනවද ?”

එස්.එම්. චන්ද්‍රසේන –  “එහෙම කතා බහක් නම් තියෙනවා.”

ප්‍රශ්නය – “ඔබතුමාට එකක් ලැබෙයි ද ?”

එස්.එම්. චන්ද්‍රසේන – “නෑ ඉතින්.. අපිට ලැබෙන්න ඕනේ අයනේ. මම 4 පාරක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළවෙනියා. ජ්‍යෙෂ්ඨම.. ඉස්සරහා හිටපු කෙනෙක්. අපිට ලොකු අසාධාරණයක් වෙලා තියෙන්නේ. අපි ගොඩක් රටට වැඩකරපු මිනිස්සු.” 

ප්‍රශ්නය – “කවදා වෙනකොට ඒක වෙයිද?”  

එස්.එම්. චන්ද්‍රසේන – “ළඟදි කරනවා කියලා තමයි වාර්තා වෙන්නේ. කරයි ළඟදි. ඒක කරන්න ඕනේ දෙයක් ඇත්තටම.”