Spread the love

වහාම ක්‍රියාත්මක වන පරිදි කැබිනට් අමාත්‍ය ධුර කිහිපයක වෙනසක් සිදුකර තිබේ.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හදිසි කැබිනට් මණ්ඩල සංශෝධනක් සිදුකර ඇති අතර අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසුවේ උදය ගම්මන්පිල මහතා දැරූ බලශක්ති අමාත්‍යධුරයේ තමා දිවුරුම් දුන් බවය.

එමෙන්ම නව විදුලිබල අමාත්‍යවරිය ලෙස පවිත්‍රා වන්නිආච්චි මහත්මිය දිවුරුම් දුන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර තවත් කැබිනට් අමාත්‍ය ධූර සංශෝධනයක් සිදුවීමට නියමිත බවද වාර්තා වෙයි.

ඒ අනුව විමල් වීරවංශ මහතා දරමින් සිටි කර්මාන්ත අමාත්‍ය ධුරය අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලබා දී තිබේ

ඒ අනුව උදය ගම්මන්පිල මහතා සහ විමල් වීරවංශ මහතා කැබිනට් අමාත්‍ය ධුරවලින් ඉවත්කර ඇති බවටද වාර්තා වෙයි.

මීට අමතරව එස් බී දිසානායක මහතාට අධ්‍යාපන අමාත්‍ය ධුරයත් දිලුම් අමුණුගම මහතාට ප්‍රවාහන අමාත්‍ය ධුරයත් පවිත්‍රා වන්නි ආරච්චි මහත්මියට විදුලිබල අමාත්‍ය ධුරයත් පිරිනමා ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

මීට අමතරව එස් බී දිසානායක මහතාට අධ්‍යාපන අමාත්‍ය ධුරයත් දිලුම් අමුණුගම මහතාට ප්‍රවාහන අමාත්‍ය ධුරයත් පවිත්‍රා වන්නි ආරච්චි මහත්මියට විදුලිබල අමාත්‍ය ධුරයත් පිරිනමා ඇති බවට තොරතුරු වාර්තා වෙයි.