Spread the love

මේ මස 15 වන දින සිට කැලණිවැලි දුම්රිය මාර්ගයට නව දුම්රියක් වග දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා ධාවනයට එකතු කිරීමත් සමඟ කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන සුලු සංශෝධනයක් සිදු කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.

ඒ අනුව නව දුම්රිය වග දුම්රිය ස්ථානයෙන් පෙරවරු 06.20 ට ගමන් ආරම්භ කරන අතර කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට පස්වරු 04.00 ට වග බලා ධාවනය කිරිමට නියමිතය .