Spread the love

කැළණිවැලි දුම්රිය මාර්ගය ඔස්සේ කොළඹ කොටුව දක්වා ගමන් ගන්නා කාර්යාල සේවකයින්ගේ සහ පාසැල් ළමුන්ගේ ගමන් පහසුව සඳහා වග දුම්රිය ස්ථානයේ සිට අලුතින් දුම්රියයක් ඊයේ (15) පෙරවරුවේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ධාවනයට එක් කෙරිණ.්

මෙම නව දුම්රිය පෙරවරු 6.20ට වග දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව දක්වා ගමන් ආරම්භ කෙරේ. හෝමාගම දක්වා සීමිත දුම්රිය සථාන කිහිපයක පමණක් නවත්වන මෙම දුම්රිය පෙරවරු 8.12ට කොළඹ කොටුවට ලඟාවනු ඇත.

වග දුම්රිය ස්ථානයෙන් ආරම්භ කෙරෙන මෙම දුම්රිය පින්නවල,පාදුක්ක, මිගොඩ,හෝමාම දුම්රිය ස්ථාන වල පමණක් නවත්වන අතර හෝමාගම සිට කොළඹ කොටුව දක්වා සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ඇත.

එමෙන් පස්වරු 04.00 කොළඹ කොටුවෙන් නැවත ගමන් ආරමභ කරන මෙම කාර්යාල දුම්රිය පස්වරු 05.45ට වග දුම්රිය ස්ථානයට ලඟාවීමට නියමිතය.
හයිලෙවල් මාර්ගයේ පවතින මාර්ග තදබදයට විසඳුමක් ලෙසත් පවතින ඉන්ධන අර්බුදයට පිළියකමක් ලෙසත් අධික බස් ගාස්තුවට සහනයක් ලෙසත් ජනතාවට මෙම දුම්රිය සේවාව ආරම්භ කෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි පොදු මාර්ග ප්‍රවාහන සේවා කඩිනමින් සංවර්ධනය කිරිමේ ව්‍යාපෘතියක් ලෙසත් මෙලෙස නව දුම්රිය සේවාවන් ආරම්භ කල බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

එමෙන්ම දුම්රියේ ගමන් ගන්නා මගීන්ගේ පෞද්ගලික වාහන දුම්රිය ස්ථානවල නවතා තැබීමේ පාර්ක් ඇන්ඩ් රයිඩ් (PARK & RIDE) සේවාවද කඩිනමින් ක්‍රියාවට නංවන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.