Spread the love


කොටුව දුම්රිය ස්ථානයෙන් අවිස්සාවේල්ල බලා ධාවනය වන දුම්රිය මාර්ගය ආසන්නයේ අද (03) අළුයම පුද්ගලයකු ගෙළ වැලළාගෙන සිටි බව දුම්රිය ආරක්ෂක නිලධාරීන් පවසයි.
අදාල පුද්ගලයාගේ බෙල්ලට කඹයක් ගැට ගසා ගසක අත්තක කඹය ගැට ගසා තිබෙන බව කොටුව මෙහෙයුම් ඒකකයේ ආරක්ෂක නිලධාරීන් පවසයි. මෙසේ මියගොන් ඇති පුද්ගලයා අවුරුදු 45 ක් පමණ වයසැති පිරිමි පුද්ගලයකු වන අතර මොහුගේ කකුල් දෙක දනිස් දෙකින් නැමි ඇති බැවින් කිසියම් පුද්ගලයකු මොහු මරා දමා බෙල්ලට කඹයක් ගැටගසා ගසක එල්ලුවාද යන්න සැක සහිත බවද දුම්රිය ආරක්සක නිලධාරීන් පවසයි.
අදාල සිද්ධිය පිළිබද දුම්රිය ආරක්ෂක නිළධාරීන් වැඩි දුර පරීක්ෂණ පැවැත්වීම සදහා කොටුව පොලිසිය වෙත බාර දෙන බවද පැවසුවේය.