Spread the love

ගාල්ල දිස්ත්‍රික්කයේ කිතුල් කර්මාන්තය නගා සිටුවීමට පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතිබව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශය පවසයි.

ඒ අනුව කිතුල් නිෂ්පාදන ගම්මාන ඇතිකිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.දිස්ත්‍රික්කයේ කිතුල් නිෂ්පාදන පළමු ගම්මානය ලෙස නෙළුව ලංකාගම ගම්මානය විවෘත කෙරිණ.

එම ගම්මානයේ සාම්ප්‍රදායික කිතුල් කර්මාන්තයේ යෙදෙන ගොවීන් 150 කුට රුපියල් ලක්ෂ 61 මුදලක් වැය කොට අවශ්‍ය සියලු උපකරණ කට්ටල බෙදා දුන් බව සමෘද්ධි අංශය පවසයි.

ලංකාගම කිතුල් නිෂ්පාදන ගම්මානයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සදහා රුපියල් ලක්ෂ 30 වැයකර තිබේ.

මේ අවස්ථාව සදහා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී සම්පත් අතුකෝරල මහතා ඇතුළු පිරිසක් එක්විය