Spread the love

රටතුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් යළි කිරිපිටි ආනයනය කිරීමට බලපෑම් එල්ලවී ඇතිබව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ලක්ෂ්මන් වීරසූරිය මහතා පැවසීය.

ඒ සදහා අවශ්‍ය ඩොලර් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සහ මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීම් කර ඇතිබව පැවසීය.මේ තත්ත්වය තවදුරටත් පැවතියහොත් යළි වෙළඳ පොළේ කිරිපිටි හිඟයක් නිර්මාණය විය හැකි වනු ඇත.

මේ අතර මේවන විට ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ආනයනික කිරිපිටි හිඟයක් ඇතිබව පාරිභෝගික ජනතාව පවසයි.ග්‍රාමීය ප්‍රදේශ වල මෙම තත්ත්වය බහුලව දක්නට ලැබේ.