Spread the love

ඉදිරි මාස එකහමාරක කාලය තුළද වෙලෙදපොලට නිසි පරිදි කිරිපිටි සැපයීම සිදු කළ නොහැකි බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඩොලර් ප්‍රශ්නය තිබුණද මේ වනවිට ජාත්‍යන්තර කිරිපිටි වෙළෙඳපොලෙන් කිරිපිටි ඉල්ලුම් කර ඇතිබව සදහන් කරයි.එම තොග මෙරටට ළගාවීමට සහ වෙළෙඳපොලට සැපයීමට මාස එකහමාරක පමණ කාලයක් ගත වන බව සදහන් කරයි.

ඉන් පසු හිගයකින් තොරව කිරිපිටි සැපයීමට හැකි වාතාවරණයක් සකස් කරමින් තිබේ. මේ අතර කුඩා දරුවන්ගේ කිරිපිටි වර්ග කිසිදු හිගයකින් තොරව වෙළෙඳපොලේ ලබා ගැනීමට ඇතිබව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. වැඩිහිටියන්ගේ සහ රෝගීන්ගේ කිරිපිටි වර්ගද සුලබව පවතියි.


මේ අතර දේශීය කිරිපිටි වර්ග හිගයකින් තොරව වෙලෙදපොලට සැපයීම සිදු කළද පාරිභෝගිකයන් වැඩි වශයෙන් තොග රැස් කර ගැනීමට යාම නිසා වෙලෙදපොලේ දේශීය කිරිපිටි හිග වන බව එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.