Spread the love


උඩරට පාසලකින් අධ්‍යාපනය ලැබු ශිෂ්‍යාවක් ශ්‍රී ලංකාවට කීර්ති නාමයක් ගෙන ඒම අප ලැබු විශාල ජයග්‍රහනයකි . එනම් ඇය ගයානි සෙනෙවිරත්නයි.

මහාමායා බාලිකා විද්‍යාලයෙන් විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා පසුව ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළු වී පළමු පන්තියේ උපාධියක් ලබාගත්තාය. ඇයගේ පර්යේෂණ සම්බන්ධයෙන් වසර දෙකක් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූ අතර, ශ්‍රී ලංකා පර්යේෂණ ආයතනය මඟින් පිරිනමන ලද වසරේ විශිෂ්ඨ පර්යේෂණ සම්බන්ධයෙන්ද සම්මානයක් හිමි කරගන්නා ලදි.


පර්යේෂණ ප්‍රකාශන බොහෝ ගණනක් ඉදිරිපත් කර ඇති ඇය අධ්‍යන විශිෂ්ටත්වය සඳහා සම්මානයක් ලබා ගත් ඇය ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 10 න් එකක් වන චිකාගෝ විශ්ව විද්‍යාලයේ (University of Chicago) ආචාර්ය (Ph.D.) උපාධි අධ්‍යන කටයුතු සම්පූර්ණ කිරීම සඳහා ශිෂ්‍යත්වයක් ලබා ගත්තාය.


(https://www.timeshighereducation.com/world-university-rankings/university-chicago) ඇය චිකාගෝ විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හරහා උපතට පෙර මිනිස් ළදරුවන්ගේ අක්ෂි තීරුවේ දක්නට ලැබෙන අසාමාන්‍යතාවයකට ප්‍රතිකාර කිරීමට භාවිතා කළ හැකි ගෙම්බන්ගේ ශරීරය තුළ වර්ධනය වන ජානයක් සොයා ගන්නා ලදි. මෙම සොයාගැනීම එක්සත් ජනපදයේ වැඩි අවධානයක් දිනාගත් අතර Proceedings of the National Sciences නම් ඉහළ පෙළේ සඟරාවක පළ විය.
( https://www.pnas.org/content/117/6/3034.short ).ඇය වසර 4 ½ කින් සිය උපාධිය සම්පූර්ණ කළ පසු, පශ්චාත් ආචාර්ය උපාධිධාරිණියක ලෙස හාවඩ් විශ්වවිද්යාලයට (Harvard University) සම්බන්ධ වී මිනිසාගේ ශ්රෝණි පටිය (the pelvic girdle) වර්ධනය වන ආකාරය සහ ඒ ආශ්‍රිත රෝග පිළිබඳව පර්යේෂණවල නිරතව සිටියි.
ඇයගේ විශිෂ්ඨ අධ්‍යාපනික ජීවිතය නිසා ඇය ජෛව වෛද්‍ය විද්‍යාව පිළිබඳ කීර්තිමත් සම්මානයක් වන Helen Hay Whitney Fellowship සම්මානය දිනා ගැනීමට ඇය සමත් වූ අතර, එය ලොව පුරා පිළිගත් සාමාජිකත්වක් වන අතර මීට පෙර නොබෙල් ත්‍යාගලාභීන් කිහිප දෙනෙකුට ප්‍රදානය කර ඇත.


ඇය යම් දිනක ශ්‍රී ලංකාවට පැමිණ තම රටට සේවය කර විද්‍යාව හදාරන ගැහැණු ළමුන්ට ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට උපකාර කිරීමට බලාපොරොත්තු වේ. ගයානිගේ ජීවිත දිගුකාලීන වෘත්තීය ඉලක්කය වන්නේ සෑම කෙනෙකුම පිළිගන්නා පරිසරයක, කාන්තාවන් සහ සුළු ජාතීන් සවිබල ගැන්වීම සහ නවීන තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් පෘෂ්ඨවංශික පරිණාමයේ විද්‍යාත්මක පර්යේෂණ ප්‍රශ්න විසඳීමට හැකි පරිසරයක් තුළ යම් දිනක ඇයගේම විද්‍යාගාරයක් පවත්වාගෙන යාමයි.
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Telstra ආයතනයේ ජ්‍යෙෂ්ඨ විධායක ඉන්ජිනේරුවරයෙකු වශයෙන් කටයුතු කරන අෂාන් සෙනවිරත්න ගයානි ගේ වැඩිමල් සහෝදරයාය. ඔහු මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පෙල විෂය හදාරා 2011 වර්ෂයේ ඕස්ට්‍රේලියාවේ “ Monash Internation Scholarship for Excellence” නැමැති ශිෂ්‍යත්වය ලබාගෙන, Electrical & Computer system Engineering උපාධිය ලබාගන්නේ ඔහු හැදෑරූ විෂයන් සියල්ලටම විශිෂ්ඨ සාමාර්ථ ලබා ගෙනය. ඒ අනුව ඔහුට 2015 වර්ෂයේ Monash University මඟින් Doctor of Philosophy උපාධිය හැදෑරීම සඳහා ශිෂ්‍යත්වයක්ද හිමි විය. මොහුගේ දක්ෂතාවය හේතුවෙන් ඕස්ට්‍රේලියානු රජය මඟින් විශේෂ වරප්‍රසාද මත පුරවැසිභාවය ලබාදී ඇත.


ගයානි ගේ බාල සහෝදරිය වන ශලනි සෙනෙවිරත්න මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරූ ඇය මධ්‍යම පළාතේ වර්ෂ ගණනාවක පිහිනුම් ශුරිය වූ අතර පළාත් වර්ණ ලාභිනියකි. ඇය සමස්ථ ලංකා පිහිනුම් තරගාවලි කිහිපයකදීම පදක්කම් ලබා ගෙන ඇති අතර, කෝවිඩ් වසංගතය හේතුවෙන් ජ්‍යාත්‍යන්තර තරගාවලියකට සහභාගී වීමට තිබූ අවස්ථාවද මඟහැර ඇත. 2021 වර්ෂයේ ඇමරිකා එක්සත් ජනපදයේ Massachusetts ප්‍රාන්තයේ University of Massachusetts

Amhersts විශ්වවිද්‍යාලය මඟින් “Chancellor’s Award” නැමැති ශිෂ්‍යත්වය පිරිනැමීමෙන් අනතුරුව යාන්ත්‍රික ඉංජිනේරු උපාධිය හදාරමින් සිටී.
ගයානිගේ පියා උපුල් සෙනෙවිරත්න මධ්‍යම පළාත් සුරාබදු කොමසාරිස් වශයෙන් රාජකාරි කටයුතු කරන අතර මව භාග්‍යා සෙනවිරත්න Central Environmental Testing & Consultancy (Pvt) Ltd. ආයතනයේ පර්යේෂණ නිලධරිනියකු වශයෙන් කටයුතු කරයි.