Spread the love


කඩුවෙල ප්‍රදේශයේ විදුහලක ඉගෙනුම ලබන නව හැවිරිදි  දැරියක් කුඩම්මාගේ වධ හිංසා ඉවසා ගත නොහැකිව තනිවම කඩුවෙල පොලිසිය වෙත පැමිණ ඇති බව වාර්තා වෙනවා.

කොතලාවල ප්‍රදේශයේ පදිංචිව සිටින මෙම දැරිය පොලිසියට පවසා ඇත්තේ කුඩම්මා විසින් විවිධ අවස්ථා වලදී පහර දුන් බවත් මිරිස්කුඩු සහ ගම්මිරිස් මිශ්‍ර වතුර පොවා පහර දී ඇඟද පිලිස්සූ බවයි.

දැරිය පවසා ඇති ආකාරයට ඇගේ පිට ප්‍රදේශයට මෙම කාන්තාව දණහිස තබා තදකර මරණ තර්ජන එල්ල කොට තිබෙනවා.එම සිදුවීම් පියාට පැවසු පසු ඔහුද එම දැරියට බැන වැදී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව කෲර වධ හිංසා සිදු කළ 29 හැවිරිදි සැකකාර කාන්තාව කඩුවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

කඩුවෙල පොලිස් ස්ථානාධිපති  කාන් වීරසිංහ  මහතාගේ මැදිහත් වීම මත මෙම දැරියට සිදුකල හිංසනයන් පිළිබඳව මෙලෙස තොරතුරු සොයා ගත් අතර ඔහු ඇතුලු කඩුවෙල පොලිස් නිලධාරීන්ගේ මෙම ක්‍රියා කලාපය සැබවින්ම අගය කල යුත්තකි.