ඩෙංගු වැළඳුනු දරුවන් 40 ක් රිජ්වේ ආර්යා ළමා රෝහලෙහි ප්‍රතිකාර ලබන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.
ඩෙංගු රෝගයට ගොදුරු වූ දරුවන්ගේ අක්මාවට හානිවීම වැළැක්වීම සඳහා මව්පියන් වගකීමෙන් ක්‍රියා කළයුතු වෙයි.
ඩෙංගු රෝගය වැලඳී සුවය ලැබු දරුවන්, කඩිනමින් යළි වෙහෙසකර කාර්යයන්ට යෙදවීම තුළින් අක්මාවට සිදුවන හානිය දරුණු විය හැකි බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ.
