දිවුලපිටිය කිතුල්වල ප්රදේශයේ නිවසක කුස්සියක පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා රුපියල් 75000 ක් වටිනා මත්පැන් තොගයක් සමගින් එක් සැකකරුවකු මීරිිගම සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
වෙන ගෙවල්වල කුස්සිය භාවිතා කරනුයේ නිවසේ එදිනදා ආහාර වේල සකසා ගැනීමටයි. නමුත් මෙම නිවසේ කුස්සිය රාජකාරී දෙකක් සදහා භාවිතා කර තිබෙනු එහි ගිය සුරාබදු නිලධාරීන්ට දැක ගතහැකිවිය. එනම් ආහාර පිසීමට අමතරව මත්පැන් නිෂ්පාදනයට මුල්තැන ලබා දීමයි. වහාම ක්රියාත්මක වු සුරාබදු නිලධාරීන් ඒ මොහොතේම මත්පැන් නිෂ්පාදනාගරය සමගින් ගෙහිමිය කොටුකර ගෙන ඇත.
මත්පැන් නිෂ්පාදනාගාර වටලන අවස්ථවේ මත්පැන් පෙරීමට පටන් ගෙන තිබු අතර එහි තිබී ගෝඩා තොගයක් ,දගරයක් ,බැරල් හා පෙරන උපකරණ සොයා ගත්බව මීරිගම සුරාබදු ස්ථානාධිපති වයි.ඒ.සි යාපා මහතා පවසයි.
සැකකරු නිෂ්පාදිත මත්පැන් ඒ අවට ප්රදේශ වලට ඉතා රහසිගතව බෙදා හරින බවද සුරාබදු නිලධාරීන් ඉදිරියේ පාපොච්ජාරණය කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරියේදී මිනුවන්ගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් උපුල් කුමාර මහතාගේ උපදෙස් මත, ගම්පහ සුරාබදු අධිකාරී සමන්ත කොස්තා මහතාගේ මෙහෙයවීමෙන් ,මීරිගම සුරාබදු ස්ථානාධිපති වයි.ඒ.සි යාපා මහතාගේ අධික්ෂණය යටතේ , සුරාබදු පරීක්ෂක නිරෝෂ් රංජන් කෝප්රල්වරුන්වන 867 කපිල ,896 අසේල , නියාමකවරුන්වන 694 දුලාන් ,1144 රසික රියදුරු සුදත් ප්රියන්කර යන නිලධාරීහු මෙම වැටලිම සිදු කළහ.