නිමල් රාජපක්ෂ-
සියලුම වල් නාශක හා කෘමිනාශකවල මිල ගණන් සියයට 20කින් අඩු කිරීමටත්, ඇතැම් පළිබෝධනාශකවල මිල ගණන් සියයට 40ක් දක්වා සහන මුදලකට ලබා දීමටත් සියලුම සමාගම් එකගත්වය පළ තිබේ.
අදාල සමාගම් වලට දැනට රටේ තිබෙන තත්ත්වය පිළිබදව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා කරුනු පැහැදිලි කිරිමෙන් පසු ව සිය එකඟතාවය පළකොට තිබේ.
ඒ අනුව මෙවර යල කන්නයේ දී මෙරට අලෙවි කරන සියලුම කෘමිනාශක හා වල් නාශකවල මිල ගණන් ගොවි ජනතාවට දැනෙන මට්ටමකින් අඩු කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.
මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, ගොවිජන කොමසාරිස් ජනරාල්, පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් මෙන්ම අප රටට පළිබෝධ නාශක අලෙවි කරන සියලුම සමාගම්වල නීයෝජිතයෝද සහභාගි වූහ.
දැනට ලෝක වෙළෙඳපොළේ කෘමිනාශක හා වල්නාශක මිල ගණන් අවමවීම, ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම හා ආනයනය අවශ්‍යතා සඳහා රජය විසීන් ඩොලර් නිදහස් කිරීම වැනි කටයුතු නිසා මිල ගණන් අවම කළ හැකි බව පෙන්වා දුන්නේය.
එමෙන්ම රට තුළට හොරෙන් ගෙන එනු ලබන පලිබෝධ නාශක වැටලීම් කඩිනම් කිරීම මෙන්ම ඒ සඳහා නාවික හමුදාවේ සහයෝගය ලබා ගැනීමට ද තීරණය කළේය. ප්‍රමිතියෙන් තොර පළිබෝධ නාශක අලෙවි කරන ආයතනවල බලපත්‍රය තහනම් කරන ලෙසත්, දැනට පලිබෝධ නාශක පනත යටතේ ලබා දිය හැකි දඩුවම් වැඩි කිරීම සඳහා සිදු කරන සංශෝධන කඩිනම් කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාට උපදෙස් දුන්නේය.
පළමුවරට මෙම වර්ෂයේ යළ කන්නයට පසුව අමතර කන්නයක් වගා කිරීමට ද තීරණය කර ඇති බැවින් අලෙවි කරන වල් නාශක හා කෘමිනාශක ප්‍රමාණය වැඩිවන නිසා සමාගම් මගින් ලබා දිය යුතු සහන වැඩි කරන ලෙසත් මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.