Spread the love

දිවයිනේ පළමු කේබල් කාර් ව්‍යාපෘතිය ආරම්භ කිරීම සදහා අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

කේබල් කාර් පිළිබඳ වසර 35ක පලපුරුද්දක් සහිත ස්විට්සර්ලන්තයේ අවුම් ඩ්‍රෝ ඉංජිනියරින් ආයතනයේ ශ්‍රී ලංකා සමාගම මෙම ව්‍යාපෘතිය භාරව කටයුතු කරයි.

මේ සදහා වැය කරන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 55කි. නානුඔය සිට නුවරඑළිය ගෙග්‍රරිවැව දක්වා කිලෝමීටර් 04ක දුරකින් සමන්විත ව්‍යාපෘතියේ වැඩ වසර එකහාමාරකින් අවසන් කිරීම ඉලක්කය බව එම අධිකාරිය පවසයි.

අවුම් ඩ්‍රෝ ඉංජිනියරින් ආයතනයේ සභාපති ඔස්වල්ඩ් ග්‍රුබර් මහතා ශ්‍රී ලාංකික සමාගම වෙනුවෙන්ද නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් රණවීර මහතා නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන්ද මෙම ගිවිසුමට අත්සන් තැබු බව නාගරික සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පවසයි.